නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න

නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න
make-money-468x60-2

Monday 12 November 2012

[iOS][Tutorial] Jailbreak වර්ග

iOS jailbreak කරන ප්‍රධාන ක්‍රම 3ක් තියනවා
  1. UnTethered Jailbreak
  2. Tethered Jailbreak
  3. Semi-Tethered Jailbreak
දැන් අපි බලමු මේ එක එක ක්‍රම ගැන වැඩි විස්තර ටිකක්

1. UnTethered Jailbreak
Jailbreak කරනව නම් මේක තමයි මල්ලි හොදම විදිය. එක පාරක් jailbreak කරාට පස්සෙ අයෙ කිසි දෙයක් කරන්න ඕනෙ නැහැ.හැබැයි ඉතින් අලුත් iOS එකක් ආවම ඒකට untethered jailbreak එකක් එන්න ටිකක්  කල් යනව. ඔයාල iDevice එක jailbreak කරලනම් පාවිච්චි කරන්නෙ, iOS update කරන්න කලින් එකේ untethered jailbreak එක එනකන් ටිකක් ඉවසන්න.

2. Tethered Jailbreak
අලුත් iOS එකක් ආවම මුලින්ම එන Jailbreak එක තමයි tethered jailbreak එක.මෙකෙ තියන අවාසිය තමයි, jailbreak කලාට පස්සෙ iDevice එක boot කරන්න computer එකට connect කරන්න ඕනෙ. Computer එකක් නැතුව tethered jailbreak කරපු එකක් ON කරන්න බැහැ. හැබැයි ඉතින් iDevice එක OFF වෙන්න දෙන්නෙ නැතුව charge කර කර පාවිච්චි කරන්න පුලුවන් නම් අවුලක් නැහැ.

3. Semi-Tethered Jailbreak
මේ ක්‍රමයට jailbreak කරන iDevice එකක් ඔනෙනම් computer එකකට connect කරල tethered විදියට boot කරන්න පුලුවන්. නැත්තම් නිකම්ම ON කරන්නත් පුලුවන්. හැබැයි එහෙම ON කලාම jailbreak එක නැති වෙනව. එතකොට Cydia වගේ jailbreak Apps පාවිච්චි කරන්න බැහැ. හැබැයි ඉතින් ඕනෙ වෙලාවක iDevice  එක computer එකට connect කරල tethered විදියට boot කරන්න පුලුවන්.


ඔන්න මම මට පුලුවන් විදියට jailbreak වර්ග තුන ගැන කියල දුන්න. ඔයාලට හොදයි කියල හිතෙන විදියකට ඔයාල jailbreak කරගන්න. හැබැයි මම නම් කැමතිම UnTethered jailbreak එකට, මොකද ඒකෙ කරදර අඩුයි



No comments:

Post a Comment